2023 වර්ෂය සඳහා දෙවන වාර පරීක්ෂණය ඔක්තෝබර් මස 18 වන දින සිට පැවැත්වීමට සියලු කටයුතු සුදානම් කර ඇත.එහිදී පහත සඳහන් දිනයන්හිදී ප්‍රථමික හා ද්වීතීයික අංශ සඳහා වාර විභාගය පැවැත්වේ.
ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා වෛද්‍ය විද්‍යාර්ථීන්ගේ සංගමය මගින් පැවැත්වූ සෞඛ්‍ය කදවුර හා බහුවිධ සමාජ සත්කාර වයාපෘතිය 2023 ඔක්තෝබර් මස 08 වන දින සේරුවාවිල මංගල රජමහ විහාරස්ථානයේදී පැවැත්වූ අතර ඊට සමගාමීව එම නිලධාරී මණ්ඩලය විසින් 2023 ඔක්තෝබර් මස 09 වන දින අප විද්‍යාලයේ සියලුම දරුවන්ට රුපියල් 520 000/=ක් වටිනා පොත්පත් බෙදා දෙන ලදී.
නීලපොල විද්‍යාලීය දරුවන්ගේ නැණස පාදන්නට මේ කරන්නා වූ මහගු කර්තව්‍ය වෙනුවෙන් මේ සඳහා සම්බන්ධ වූ ත්‍රිවිධ හමුදාවේ සියලුම නිලධාරීන්ට විදුහල්පතිතුමා ඇතුළු අචාර්ය මණ්ඩලයේ හර්දයාංගම ස්තුතිය පුදකර සිටිමු.