ලක් අඹරෙහි ජය දද නංවා
කිතුගොස පතුරන නිලපොල
විදුහල් මාතා සැරදේවා...//
සෙනෙහස දනවා විදු අම කිරි දී
රැක ගුණ නුවණ සදා
සිසු දරු කැළ නිති නිසි මග මගවා
සිය විය සවිය යොදා
ලක් අඹරෙහි ජය දද නංවා.....
නව පණ ලැබ පිබිදෙමු අපි ඔබෙ නම
කියවෙන විටදී පවා
ඔබ පෑ මග ඉදිරියටම යමු බස රැස
දෙස සමය වඩා
ලක් අඹරෙහි ජය දද නංවා.......
වියතුන් වී සමතුන් වී....//
ඔබෙ නම සුරකිමු
ඔබ හට දිවි දෙමු නමදිමු අප මාතා
ලක් අඹරෙහි ජය දද නංවා....//