නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය
නීලපොල විද්‍යාලය
"විද්‍යා දදාති විනයං"
විද්‍යාවෙන් හික්මීම ඇති කරයි
ත්‍රී/කන්/ නීලපොල විද්‍යාලය නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සේරුවිල අධ්‍යාපන කොට්ඨාසයේ පිහිටි ක්‍රම ක්‍රමයෙන් දියුණු වෙමින් පවතින ඇති දුෂ්කර පාසලකි.අප විද්‍යාලය දුෂ්කර ප්‍රදේශයක පිහිටීම හේතුවෙන් ගුරු හිගය ප්‍රබල ගැටලුවක්ව පැවති අතර මේ වන විට ගුරු ගැටලුව තරමක් දුරට විසදී ඇති පසුබිමක භාෂා තරග මෙන්ම ක්‍රීඩා හා විෂය සමගාමී සියලු අංශවලින් දරු දැරියන් දස්කම් පෙන්නුම් කරති.
එපමණක් නොව එදා මෙදා තුර අප විද්‍යාලය තුලින් කීර්තිමත් ආදිශිෂ්‍යයන් බොහොමයක් බිහිකර තිබේ.ඔවුන් දෙස් විදෙස් කීර්තිමත් ආදී ශිෂ්‍යයන් වෙති.මෙම විද්‍යාලයෙන්ම සාමාන්‍ය පෙළ දක්වා ඉගෙනගත් මා අද මෙම විද්‍යාලයේම නියෝජ්‍ය විදුහල්පති ධුරය හොබවන්නේද මෙම විද්‍යාලයේ ගුරුහරුකමිනි.
අප විද්‍යාලයට උදව් උපකාර කිරීමට හා අපට ශක්තියක් වීමට නොයෙක් සුබ පතන්නන් හා සම්පත් දායකයින් බොහොමයක් සිටිති.එවැනි සම්පත් දායකයන්ටත් අපේ දරුවන්ගේ අධ්‍යාපනයට සවියක් දීමට කැමති අයවලුන්ටත් පාසලේ දරුවන්ගේ දස්කම් මෙන්ම වර්ධනය අන්තර්ජාලය හරහා ප්‍රචාරය කිරීමටත් මෙම වෙබ් අඩවිය මගින් රුකුලක් වනු ඇතැයි මම සිතමි.
නියෝජ්‍ය විදුහල්පති
නීලපොල විද්‍යාලය .