භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Neelapola Vidyalaya

ත්‍රී/කන්/නීලපොල විද්‍යාලය

කන්තලේ කලාපය

  • Register
  • Login
Neelapola Vidyalaya

ත්‍රී/කන්/නීලපොල විද්‍යාලය

කන්තලේ කලාපය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අපේ පාසල ගැන

Toggle navigation

ඉතිහාසය සහ සම්ප්‍රදායන්

  • ඉතිහාසය
  • නිර්මාතෘවරු
  • ආදි විදුහල්පතිවරු
  1. Home
  2. අපේ පාසල ගැන
  3. ඉතිහාසය සහ සම්ප්‍රදායන්
  4. ඉතිහාසය

ඉතිහාසය

1954 වර්ෂයේ නීලපොල නම් ගම්මානයේ ජනාවාස ආරම්භ කරන ලදී. 1958 පමණ වන විට  ගුණසේන හේවගේ මහත්මා විසින් අංක 65 දරණ නිවසේදී ළමුන් 35කට පමණ පිරිසකට ඉගැන්වීම් කටයුතු ආරම්භ කරන ලදී.

ඉන්පසු 1960.09.09 දින රජයේ පාසලක් ලෙස වර්තමානයේ පාසල ඇති ස්ථානයේ ආදී  120 * 20 ගොඩනැගිල්ලක් හා ගුරු නිවාසයක් සමඟ ත්‍රි/කන්/ නීලපොල විද්‍යාලය විධිමත්ව ආරම්භ කරන ලදී.

එකල අඹේපුස්සේ සිට එල්.ටී.සෝමදාස මහත්මා ඔහුගේ සොහොයුරිය අනුලා මහත්මිය ගාල්ලේ සිට පැමිණි කුලරත්න මහත්මා ඔහුගේ බිරිඳ නන්දාවතී  යන අයත් බණ්ඩාර නම් මහත්මිය විසින් ඉංග්‍රීසි විෂය ඇතුළු තවත් විෂයන් ගණනාවක් ඉගැන්වීම් කටයුතු කර ඇත. මේ කාලයේදී එක සිසුවෙක් සඳහා දිනකට සත හයක් දිනකට ලැබෙන පරිදි මසකට සරිලන පරිදි කුපනයක් රජයෙන් ලබා දී ඇත.පසු කාලයේදී සත පහක් වටිනා බනිසක් සිසුන් සඳහා ලබාදීමට රජය කටයුතු කර ඇත.

1965 පමණ විදුහල්පති ලෙස එදිරිසිංහ මහත්මා වැඩ කටයුතු කර ඇත.ඉන්පසු විදුහල්පති ධුරයේ නවරත්න මහත්මාද ඕ.පී.ඩග්ලස් මහත්මාද සේවය කල අතර 1985.06.11 ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් පාසල වසා දමා ඇත.1988 වර්ෂයේදී නැවත පාසල ආරම්භ කිරීමට දිසානායක නම් මහත්මා සහ රත්නායක නම් මහත්මා  මැදිහත් වී තිබේ. විදුහල්පති ලෙස දිසානායක මහත්මා වැඩ කටයුතු කර ඇත.

දිසානායක මහත්මාට ගුරු පුහුණුව ලබා ගැනීම සඳහා යාමට සිදු වූ හෙයින් පී.එච්.ජයතිලක මහත්මාට විදුහල්පති ධුරයේ කටයුතු කිරීමට භාරදෙන ලදී.එම ධුරය වැඩ කරගෙන යන අතරතුර 1994 මාපියන්ගෙන් විරෝධතාවයක් විදුහල්පතිවරයාට ඇතිවීම නිසා පාසල වැසුවද මසකට පමන පසු නැවත විදුහල්පතිට එල්ල වූ චෝදනා පිළිබඳ පරික්ෂා කර චෝදනාවලින් එතුමා නිර්දෝෂී වූ නිසා ජයතිලක මහත්මාම විදුහල්පති ලෙස පත් කර නැවත පාසල විවෘත කරන ලදී.විදුහල්පති ධුරයේ වැඩ බලමින් ඩබ්.ඒ.ජයසිරි මහතා වසර 17ක් පමණ සේවය කරන ලදී.

වත්මන් වැඩ බලන විදුහල්පති එම්.එම්.ගුණරත්න මහත්මා පාසලට පැමිණෙන විට සිසුන් 72 ක් සිටිය අතර අද වන විට සිසුන් එකසිය දාසයකට ඉගැන්වීම් කටයුතු කරනු ලැබේ.

"ගුණ නැණ බෙලෙන් අභියෝග ජයගත හැකි පිරිපුන් දරුවෙක්" යන දැක්ම පෙරදැරි කරගෙන දැනුම කුසලතා සහ ආකල්පවලින් පිරිපුන් ලොව ජයගැනීමට හැකි දරුවන් නිර්මාණය කිරීමට වෙහෙසෙමින් අප පාසලේ නාමය ඉහලින්ම ඔසවා තැබීමට අප පාසලේ සියලු දෙනාම නිරන්තරයෙන් ඇප කැප වී කටයුතු කරන්නෙමු.

 

Neelapola Vidyalaya

ත්‍රී/කන්/නීලපොල විද්‍යාලය

කන්තලේ කලාපය

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • T/Kn/Neelapola vidyalaya,Neelapola

: (+94)702109484

: [email protected]

Supported By

© 2026 Neelapola Vidyalaya. All rights reserved. Design with by Webcomms Global | Help Desk